ශ්‍රී මහා බෝධිය, අනුරාධපුර
ශ්‍රී මහා බෝධිය ශ්‍රී ලංකාවේ අනුරාධපුරයේ පිහිටි
ඇසතු වෘක්‍ෂයකි. මෙය ශ්‍රී ලංකාවේ පූජනීයම වෘක්ෂයවේ
[තහවුරු කරන්න].
බුදුන් වහන්සේ බුද්ධත්වය ලබා ගැනීමේදී පිට දුන් ඓතිහාසික බෝධි වෘක්ෂයේ අංකුර පැලයකි. මෙය පැල කරන ලද්දේ කි.පූ 288 දීය
[තහවුරු කරන්න]. එය මේ දක්වා ලෝකයේ තිබෙන මිනිස් අතකින් සිටවූ සහ එසේ සිටවූ කාලය දන්නා පැරණිම වෘක්ෂයයි
[තහවුරු කරන්න].
ඉතිහාසය
මහා බෝධි විහාරයේ රෝපිත බෝධින් වහන්සේ. මෙම බෝධින් වහන්සේ මුල් බෝධියේ අංකුරයකි.
මෙම ශ්‍රී මහා බෝධිය
බුදුන් වහන්සේ
බුද්ධත්වයට පැමිණිමේදී පිට දුන් ඉන්දියාවේ බුද්ධගයාවේ තිබූ මහ බෝධියේ
දකුණු ශාඛාවකි. ක්‍රි.පූ. 3 වැනි සියවසෙහි මෙම බෝධිය ලක්දිව යාපා පටුනෙහි
මාදගල් හි සංඝමිත්තා තොටුපල ලෙස දැනට හදුන්වන තොටුපලට ගෙන එන ලද්දේ අශෝක
අධිරාජයාගේ දියණිය වන සංඝමිත්තා මෙහෙණිය විසිනි. ඇය ශ්‍රී ලංකා භික්ෂූණී
ශාසනය පිහිටුවීමේ ලා පුරෝගාමී වූවාය.
කි.පූ 249 දේවානම්පියතිස්ස රජතුමා විසින් අනුරාධපුර මහ මෙව්නා උයනෙහි මෙම ජය සිරි මහ බෝධිය සිටුවන ලදී.
රන් වැට
ශ්‍රී මහා බෝධිය සිටුවා ඇත්තේ සාමාන්‍යය පොළව මට්ටමේ සිට මීටර් 6.5 ක්
(අඩි 21.3) පමණ උස් වූ වේදිකාවක් වැනි බිමකය. ඒ වටා වැටක් තිබේ. එය අද
කාලයේ ශ්‍රී ලංකාවේ මෙන්ම ලෝකය පුරා බෞද්ධයන්ගේ වන්දනාමානයට පාත්‍රවන
පූජනීය වස්තුවකි. මෙම ප්‍රාකාරය (වර්තමානයේ දක්නට ලැබෙන) ගොඩනංවන ලද්දේ
කීර්ති ශ්‍රී රාජසිංහ රජුගේ යුගයේදීය. එසේ කරන ලද්දේ වල් අලින්ගෙන් ආරක්ෂාවීම පිණිසය.
රුවන්වැලිසෑය
රුවන්වැලිසෑය හෙවත් රුවන්වැලි දාගැබ ශ්‍රී ලංකාවේ පිහිටා අති
ශාරීරික චෛත්‍යයකි. මෙය අතීත
මහා විහාරයට අයත්වූ ප්‍රධානතම දාගැබ විය. මෙම ස්ථූපය
සොළොස්මස්ථාන(පූජනීය ස්ථාන දහසය) සහ
අටමස්ථාන (අනුරාධපුරයේ පූජනීය ස්ථාන අටකි.)අතරින් එකකි
සුවිශේෂීත්වය
දළදා වහන්සේ ලක්දිවට වැඩමකරවීම තෙක් රුවන්වැලිසෑය
ලක්දිව වඩාත්ම පූජනීය
ශාරීරික චෛත්‍යය විය. පසුව එම ස්ථානය
දළදා වහන්සේට සහ
දළදා මාලිගා වලට හිමිවිය. දැනුදු මෙය ශ්‍රී ලංකාවේ වඩාත්ම පූජනීය
දාගැබ වේ.
භෞතික ලක්‍ෂණ
උසින් අඩි 300ක් (මීටර් 92) සහ අඩි 950ක (මීටර් 292) විෂ්කම්භයකින්
යුක්ත වන මෙය ලෝකයේ දැනට පවතින උසම ස්මාරක අතරින් එකක් වේ. වාස්තු
විද්‍යාත්මක ගුණාංග සහ ආශ්චර්යවත් බව නිසා ලොව පුරා බෞද්ධ ජනතාව අතර පූජනීය
තත්වයට පත්වී ඇති ස්ථූපයකි.
අන්වර්ථ නාම
ශාරීරික ධාතු
සම්බුද්ධ පරිනිර්වාණයෙන් පසුව රටවල් අටක නරපතියන් විසින් සෑම රටකටම
ධාතූන් වහන්සේලා නැලි දෙක බැගින් ගෙනනොස් ස්ථූපවල නිදන් කරවා වන්දනාමාන කරන
ලදී. රාමාගම ග්‍රාමයේ නිදන් කර තිබූ ධාතූන් වහන්සේලා සහිත නැලි දෙක බුදුන්
වහන්සේගේ අධිෂ්ඨානයට අනුව රුවන්වැලි මහා ස්ථූපයේ නිධාපිත කරන්නට නියම
කෙරිනි. ඇසළ පුන් පොහෝ දින උත්තරාසීහ නැකතින් මහා ස්ථූපයේ ධාතු නිධානය
කිරීමට නිල උත්සවයක් සංවිධානය කළ දුටුගැමුණු රජතුමා, පුන් පොහෝ දිනට පෙර
දින සංඝ රත්නය මුණගැසී වැඳ නමස්කාර කොට, පසු දිනය ධාතු නිධාපිත කිරීමට
සූදානම් කර ඇති බවට මතක් කරමින් ධාතූන් වහන්සේලා රැගෙන එන ලෙස ඉල්ලා
සිටියේය.සංඝයා වහන්සේගේ විධානයෙන් පසුව සෝඋත්තර නම්වූ අධුනික රහතන් වහන්සේ
සෘද්ධි බලයෙන් ධාතූන් වහන්සේලා රැගෙන වැඩම කළහ. ඉන් ඉක්බිති සංඝයා
වහන්සේගෙන් ධාතූන් වහන්සේලා පිළිගත් දුටුගැමුණු රජතුමා, එය රත්‍රන්
මංජුසාවක බහා තම හිස මතට ගෙන, අනේක විධ දක්ෂිණ හා උපහාරත්, දිව්‍ය සහ
බ්‍රහ්මයන්ගේ ගරු බුහුමන් මධ්‍යයේ ස්වර්ණමය මණ්ඩපයෙන් පිටත් විය.ඔහු,
තුන්වරක් ධාතු මැදිරිය වටා පැදකුණු කොට නැගෙනහිර දිශාවෙන් ඇතුල් වී උතුරු
දෙසට මුහුණලා පිළියෙල කර තිබූ රිදී සයනයක ධාතු මංජුසාව තැන්පත් කළ විට
බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨාන බලයෙන් සිංහසෙයාවෙන් බුදු පිළිරුවක් හටගෙන
සියලුම ධාතූන් වහන්සේලා ඒ ප්‍රතිමාව තුල නිධන්ගත වූහ. ධාතූන් වහන්සේලා
රුවන්වැලි මහා ස්ථූපයේ නිධන්ගත වීම සම්පූර්ණ වූ පසු, උත්තර සහ සුමන
සාමණේරයන් වහන්සේලා විසින් පියනක් ලෙස පසුව පාවිච්චි කිරීම සඳහා කලින් සඟවා
තිබූ ගල් ආවරණයකින් ධාතු ගර්භය වසා දමන ලදී.
"ධාතු ගර්භය භූමිකම්පාවකින් වුවද නොසෙල්වේවා ; එදින පූජා කළ පිච්ච මල්
ආදී මල් වර්ග ගෞතම බුද්ධ ශාසනය අවසන් වන තුරු මැල නොවේවා;ගිතෙල් වලින්
දල්වන ලද පහන් නොනිමේවා; සඳුන් සහ සුවඳ විලවුන් මිශ්‍ර කරන ලද පස් වියළී
නොයේවා; ධාතු ගර්භයේ එකදු සීරීමක් වත් නොවේවා; පූජා කළ රත්‍රන් භාණ්ඩවල මල
නොබැඳේවා" මේ සියලු ප්‍රාර්ථනා මෙම උත්සවයට වැඩම කර සිටි රහතන් වහන්සේලාගේ
අධිෂ්ඨාන බලයෙන් සඵල විය.ඔවුන් "සතුරන්ට වත් මේ ධාතු ගර්භය දකින්නට පවා
නොලැබේවායි" අධිෂ්ඨාන කළහ. තවද දුටුගැමුණු රජතුමාගේ නියෝගය පරිදි
බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා ඇතුලත් රන් හා රිදී මංජුසාද තවත් බොහෝ
වස්තූන්ද ධාතු ගර්භය මත නිදන් කෙරිණි.
වන්දනා ගාථාව
සයිංසු යස්මිං සුගතස්ස ධාතු
නිම්මාය රංසුජ්ජල බුද්ධ රූපං
සුවණ්නමාලති පතිතනාමං
වන්දාමහං ඵුපවරං මහඝ්ගං
ඉදිකිරීම
ඉදිකිරීම් ද්‍රව්‍ය ලබාගැනීම
පුරාණ ග්‍රන්ථ වලට අනුව,අනුරාධපුර රාජධානියට,
- යොදුනක් (දුර මනින මිම්මකි.) උතුරු දෙසින් පිහිටි ගම්භීර නදියේ ඉවුරෙන් ගත් මැටි වලින් සෑය ඉදිකිරීම සඳහා ගඩොල් තනන ලදී.
- යොදුන් තුනක් ගිණිකොන දෙසින් වූ අවුරුවිනී ග්‍රාමයෙන් රන් කැටි ලබාගන්නා ලදී.
- යොදුන් හතක් නැගෙනහිර දෙසින් වූ තම්බපින්න ග්‍රාමයෙන් තඹ ලබාගන්නා ලදී.
- යොදුන් සතරක් ගිණිකොන දෙසින් පිහිටි සමන්වැව ග්‍රාමයෙන් මැණික් ගෙන්වන ලදී.
- යොදුන් අටක් දකුණු දෙසින් පිහිටි රිදී නැමැති ගල් ගුහාවෙන් රිදී ලබාගන්නා ලදී.
- යොදුන් පහක් බටහිර දෙසින් පිහිටි උරුවෙල් නම් කුඩා නගරයෙන් නෙල්ලි ගෙඩියක ප්‍රමාණයේ වූ මුතු සහ පබලූ ගෙන්වන ලදී.
- යොදුන් සතරක් වයඹ දෙසින් වූ පැලවාපි ග්‍රාමයෙන් විශාල ප්‍රමාණයේ මාණික්‍යය සතරක් ගෙන්වන ලදී.
ඉදිකිරීම ඇරඹීම
රුවන්වැලි සෑයේ ප්‍රධාන පිවිසුම
දුටුගැමුණු රජතුමා විසින් මැයි මස යෙදෙන
වෙසක් මස පුර පසළොස්වක පොහොය දින, විශාඛා නක්ෂත්‍ර මණ්ඩලය යටතේ ස්ථූපයේ වැඩ කටයුතු අරඹන ලදී.
අඩිතාලම
එක් පුන් පොහෝදිනයක, දුටුගැමුණු රජු, දේවානම්පියතිස්ස රජ විසින් ස්ථාපනය කළ "අභිලිවිත්" ශිලා ලිපිය ඉවත් කරන ලදී.
- භූමිය සමතලා කරන ලදී.
- එය රියන් හතක ගැඹුරට සාරන ලදී.
- එහි යුධ භටයන් ලවා වක්‍රාකාර ගල් අතුරන ලදී.
- ගල් මිටියෙන් කඩන ලදී.
- ඉන්පසු එය ඇතුන් ලවා පාගවන ලදී.
- එම ගල් ස්ථරය මත ගඩොල්ද, ගඩොල් මත රළු බදාමද, රළු බදාමය මත
තිරුවාණද,තිරුවාණ මත යකඩ ජාලයක්ද, යකඩ ජාලය මත සුවඳැති මැටිද,සුවඳැති මැට්ට
මත සුදු පාෂාණද, සුදු පාෂාණ මත සෙල් පිලිමිණිද, ඒ මත ගල් පුවරුද අතුරවන
ලදී.
- ඉන්පසු රසදිය, අලිගැටපේර ලාටු හා පදම් මැටි එක්කර මිශ්‍රණයක් සාදවා ගල්
පුවරු ඒ මත අතුරුවා, ඒ මත අඟල් අටක ඝනකම් ඇති ලෝකඩ පත් අතුරවන ලදී.
- එම ලෝකඩ පත් මත ආසනියම් හා තල තෙල් එකට මිශ්‍ර කර අතුරවා ඒ මත අඟල් හතරක් ඝනැති රිදී පත් තැන්පත් කරවන ලදී.
රජු මෙසේ මේ මහා සෑයේ අඩිතාලම සාදවා නිමකර, අත්තිවාරම් ගල ඇසළ පුර
පසළොස්වක පොහෝ දින ස්ථාපනය කිරීමට කටයුතු පිළියෙල කරන ලදී. ඉන්පසු ඔහු
අනුරාධපුර නගරය සහ රුවන්වැලි සෑ මළුව දිව්‍යමය පුරවරයක් සේ සරසවන ලදී. මේ
වෙනුවෙන් ඉන්දියාවෙන් අනූහය කෝටියක් රහතුන් වහන්සේලා වැඩම කළහ. ඇසළ
පුරපසළොස්වක පොහෝ දින, උත්තරසීහ තාරකා මණ්ඩලය යටතේ මහා සෑයේ අත්තිවාරම් ගල
ස්ථාපනය කර "මා මේ ස්ථූපය වෙනුවෙන් කරනා ක්‍රියාවන් සාර්ථකව නිම කිරීමට
හැකිවේවා!!.එවිට බුද්ධරක්ඛිත, ධම්මරක්ඛිත, සංඝ රක්ඛිත හා ආනන්ද රහතුන්
වහන්සේලා මහා සෑ මලුවේ සතර දිශාවෙන් නැගීසිටීවා"කියා අධිෂ්ඨාන කළේය.ඔහු
අධිෂ්ඨාන කල පරිදිම පූජ්‍ය සිද්ධත්ත, මායිගල, පදුම, සීවලී, චන්දගුත්ත,
ඉන්දගුත්ත, සූරියගුත්ත, සිත්තසේන, ජයසේන හා අකල රහතුන් වහන්සේලා නැගෙනහිර
දෙස බලා උත්සව අවස්ථාවේ දොරටුව අසළ තිබූ කොතළය ඉදිරිපිට සිටගත්හ.නන්දිසේන,
සුමනා දේවියගේ පුත් සුපටින්හිත හා උත්සව මංගල්‍යය සඳහා පත්කෙරුණු ඇමතිවරයා,
ධාතු මන්දිරය වටා සක්මන් කර මහා සෑයේ වක්‍රාකාර සීමාව මැනීම සඳහා රිදීයෙන්
තැනූ යශ්ටියක් ගෙනෙන ලදී.ඇමතිවරයා මේ අයුරින් ධාතු මන්දිරය වටා ඉතා විශාල
පරිමාණයක් මනිමින් යනු දැක සිද්ධත්ත රහත් තෙරුන් ඔහුට මධ්‍යම ප්‍රමාණයෙන්
මනින ලෙස උපදෙස් දුන්හ. සිද්ධත්ත තෙරුන්ගේ, ඇමතිවරයාගේ හා ඔහුගේ
දෙමාපියන්ගේ නම් ඇසීමෙන් දුටුගැමුණු රජු "ස්ථූපයේ වැඩ සර්වප්‍රකාරයෙන්ම
සාර්ථක වේ" යැයි සිතා සතුටට පත් විය. අනතුරුව ඔහු විශාල රන් කළ අටක් හා
රිදී කළ අටක් මහා සෑය මධ්‍යයේ ස්ථාපිත කර ඒ විශාල දිය කළ වටා පුන්කළස්
එකසිය අටක් තැන්පත් කළේය.මේ අයුරින් ඔහු රත්‍රන් ගඩොල් අටක් අට කොනේ තබා
තැන්පත් කර ඒ වටා රිදී ගඩොල් එකසිය අට බැගින් තැන්පත් කළේය.
ස්ථූපයට ආශීර්වාද කිරීම
සිත්තසේන රහතන් වහන්සේ මහා සෑය වටා ඇඳ තිබූ සීමා රේඛාවේ නැගෙනහිර
ප්‍රදේශයේ සුවඳැති ලාටු පිඩක් තැන්පත් කළේය.ජයසේන රහතන් වහන්සේ උත්තරසීහ සහ
සුපටින්හිත තාරකා මණ්ඩලය යටතේ ඒ මත පිරිත් පැන් ඉසින විට උත්සව මංගල්‍යය
භාර අමාත්‍යවරයා ඉසින ලද පිරිත් පැන් මත රන් ගඩොල් සහ අධික ලෙස ධනය වැයකොට
කරන ලද පූජාවන් තැන්පත් කළේය.ජනප්‍රවාදයේ සඳහන් පරිදි මේ අවස්ථාවේදී දෙලක්ෂ
හැත්තෑදහසක් යොදුන් වූ දෙරණ තලය ගිගුම් දෙමින් කම්පා විය.
ඔහු ඔහුගේ පුතුන් ලවා මේ ආකාරයෙන් මහා ස්ථූපයේ අනෙකුත් දිසා සතෙහිද රන්
ගඩොල් තැන්පත් කරවන ලදී.ඉන් පසුව මළුවේ සතර දිසාවේ වැඩ සිටි රහතන්
වහන්සේලාට පිරිකරාදිය පූජා කළ දුටුගැමුණු රජතුමා ඇතුළු ජනතාව පියදස්සී මහ
රහතන් වහන්සේගෙන් ධර්මය ශ්‍රවණය කිරීම සඳහා අසුන් ගත්හ.එම ධර්මය ශ්‍රවණය
කිරීමෙන් හතළිස්දහසක් පිරිස අරහත් භාවයට පත් විය.හතළිස්දහසක් පිරිස සෝවාන්
ඵලයට පත් විය.දහසක් පිරිස සකෘදාගාමී තත්වයටත් තවත් දහසක පිරිසක් අනාගාමී
තත්වයටත් පත් විය.
දුටුගැමුණු රජුගේ මරණය
අද්විතීය රුවන්වැලි මහා සෑය හතරැස් කොත් දහය දක්වා රහතුන් වහන්සේලාගේ
ආරක්ෂක සූත්‍ර සඡ්ජායනා මධ්‍යයේ නිමවෙද්දී, විසි සතර වසරක් ලක්දිව පාලනය කළ
දුටුගැමුණු රජු, ඔහු විසින් කරන ලද පින් ඇතුළත් පොත කියවා මහා සෑය දෙස බලා
සිටියදී මියැදී දිව්‍ය පුත්‍රයකුව තුසිත දෙව්ලොව උපත ලද්දේය.
සද්ධාතිස්ස රජුගේ මරණය
දුටුගැමුණු රජුගේ සහෝදර සද්ධාතිස්ස රජතුමා සෑයේ ඉතිරි වැඩ කොටස නිමකර, මරණයෙන් පසු තුසිත දෙව්ලොව උපන්නේය.
මහා රජු
අනාගත මෛත්‍රී බුද්ධ ශාසනයේ දුටුගැමුණු රජු, බුදුරදුන්ගේ දකුණු අගසව්
බවට පත්වනු ඇත.සද්ධාතිස්ස රජු වම් අගසව් බවට පත්වනු ඇත.කාවන්තිස්ස හා විහාර
මහා දේවිය මෛත්‍රී බුදුන්ගේ දෙමාපියන් බවට පත්වනු ඇත.කාවන්තිස්ස රජුගේ බාල
නැගණිය වන අනුලා කුමරිය මෛත්‍රී බෝසතුන්ගේ අග මෙහෙසිය බවට පත්වනු ඇත.සාලිය
කුමරු මෛත්‍රී බෝසතුන්ගේ පුතු බවට පත්වනු ඇත.දුටුගැමුණු රජුගේ භාණ්ඩාගාරයේ
ඇමති සනොඟා, මෛත්‍රී බෝසතුන්ගේ අග්‍ර උපස්ථායක වනු ඇත.භාණ්ඩාගාරය භාර
ඇමතිවරයාගේ දියණිය අග්‍ර උපස්ථායිකාව වනු ඇත.

ථූපාරාමය

.....
ථූපාරාමය
අටමස්ථානයට අයත් සිද්ධස්ථාන අතුරින් එකකි. සර්වඥයන් වහන්සේගේ දකුණු අකු
ධාතූන් වහන්සේ තැන්පත් කර ඇත්තේ මේ ථූපාරාම දාගැබ තුළයි.
කකුසඳ,
කෝණාගමණ, කාශ්‍යප යන බුදුරජාණන් වහන්සේලා තුන් නම ලක්දිවට වැඩම කළ
අවස්ථාවේදී දැන් මේ ථූපාරාම දාගැබ් වහන්සේ තනා ඇති ස්ථානයට ද වැඩම කර,
මොහොතක් කල් සමවත් සුවයෙන් වැඩසිටියහ. කකුසඳ බුදුරදුන්ගේ ඩබරා ධාතුව (දිය
ගෙන යන බඳුන) ද, කෝණාගමණ බුදුරදුන්ගේ පටී ධාතුව (බඳ පටිය) ද, කාශ්‍යප
බුදුරදුන්ගේ ජලසාටිකා ධාතුව (නානකඩ) ද තැන්පත් කර තිබුණේ මේ ස්ථානයේ ය.
ගෞතම
බුදුරදුන් පන්සියයක් මහ රහතුන් ද සමගින් අනුරාධපුරයට වැඩම කළ අවස්ථාවේදී
දැන් මේ ථූපාරාම දාගැබ පිහිටා ඇති ස්ථානයට ද වැඩම කර මොහොතක් කල් සමවත්
සුවයෙන් වැඩ සිටි බව ශාසන ඉතිහාසයේ දැක්වේ. ලක්දිවට බුදුදහම වැඩම කරවීමෙන්
පසුව මෙරට ඉදි වූ මුල් ම ස්ථූපය වන්නේ ද මේ ථූපාරාම දාගැබ් වහන්සේ යි. මේ
සියලු කරුණු සළකා බැලීමේදී ථූපාරාම දාගැබ් වහන්සේගේ ඇති පූජනීයත්වය මෙන්ම
වටිනාකම කෙතරම්දැයි කියා පැහැදිලිව පෙනේ.....෴
ඉසුරුමුණිය
පැරණි ශ්‍රී ලංකාවේ අනුරාධපුර නම් අග නගරයේ රජ කළ දේවානම්පියතිස්ස
රජතුමා විසින් ඉසුරුමුණි විහාරය ගොඩ නංවන ලදී. උසස් කුලදරුවන් 500ක් මහණ
කොට ඔවුනට වැඩ වාසය කිරීම පිණිස එය තනවන ලදී. කාශ්‍යප රජු විසින් (473 -
491) මෙම විහාරය පිළිසකර කොට "බෝඋපුල්වන් කසුබ්ගිරි රද්මහවෙහෙර" නමින් නම්
කළේය. ඔහුගේ දියණියන් දෙදෙනාගේ නම් සහ ඔහුගේ නම් එක් කොට එම නම නිර්මාණය කර
ඇත. ගල් ලෙනකට සම්බන්ධ වූ විහාරයක් එහි තිබෙන අතර, උඩින් ඇත්තේ ගල්
පර්වතයකි. එහි කුඩා ස්ථූපයක් තනා ඇත. එම ස්ථූපය ගොඩනගන්නට ඇත්තේ වර්තමානයේ
බව පෙනෙන්නට තිබේ. වඩාත් පහළින් විවරයක දෙපැත්තෙන්ම පොකුණක සිට මතු වන
ආකාරයක් නිරූපණය වන ඇත් රූප නෙළා ඇත. ගල් පර්වතය මත අශ්වයෙකුගේ රූපයක්ද
නෙළා ඇත. ගල් පුවරුවක නෙළන ලද ඉසුරුමුණි පෙම් යුවල සහිත කැටයම වෙනත් තැනක
නෙළා පසුව එම ස්ථානයේ සවි කරන්නට ඇත. විහාරයට නුදුරෙන් මගුල් උයන දක්නට ඇත.
පුරා විද්‍යාත්මක නටබුන්
ඉසුරුමුණි පෙම්වතුන්
6 වැනි සියවසෙහි ගුප්ත කලාවට අයිති කැටයමකි. කාන්තාවක් පුරුෂයාගේ
උකුලෙහි වාඩි වී සිටී. ඇය ඇඟිල්ලක් ඔසවා සිටින්නීය. ඒ ඇගේ කෝල බව ප්‍රකාශ
කරන්නට විය හැක. එහෙත් පුරුෂයා අනවධානයෙන් සිටී. මෙම කැටයමෙහි නිරූපණය
වන්නේ දුටු ගැමුණු රජුගේ පුත් සාලිය කුමරු සහ ඔහුගේ පෙම්වතිය වූ අශෝකමාලා
නම් සැඩොල් තරුණිය යන දෙදෙනා යයි සිතිය හැකිය. ඇය නිසා තමනට උරුම වන්නට
තිබූ රජකම සාලිය විසින් අත්හරින ලදැයි කියැවේ.
මිරිසවැටිය
මිරිසවැටිය චෛත්‍යය
(ශ්‍රී ලංකා සංචාරක මණ්ඩලයේ නිල වෙබ් අඩවිය ඇසුරෙනි)
ක්‍රිස්තු පූර්ව 161 - 137 කාලය තුළ ලංකාවේ රජ කළ දුටුගැමුණු මහ රජතුමා ඉදි කළ ප්‍රථම චෛත්‍යය ලෙස
මිරිසවැටිය
චෛත්‍යය හැඳින් වේ. සර්වඥ ධාතු සහිත රජතුමාගේ කොන්තය (රජුගේ රාජ්‍ය බලය
සංකේතවත් කරන ආයුධය) නිධානයක් වශයෙන් පූජා කොට දහනව කෝටියක් ධනය ද වැය කර
ඉදි කර ඇති මෙම චෛත්‍යය ආරම්භයේදී උසින් අඩි හැටක් සහ වට ප්‍රමාණයෙන් අඩි
පන්සිය හැටකි. පසු කාලීනව මෙය ලංකාවේ රජ කළ විවිධ රජවරුන් විසින්
ප්‍රතිසංස්කරණය කොට, විශාල කර ඇත. මෙම චෛත්‍යය එකල පැවති අග්‍රගණ්‍ය
චෛත්‍යයක් ලෙස ඓතිහාසික පුරාවෘත්තවල සඳහන් වේ.
පිහිටීම
ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ අනුරාධපුර දිස්ත්‍රික්කයේ අනුරාධපුර පූජා
නගරයට අයත් පෙදෙසේ පිහිටා ඇති මෙම චෛත්‍යය ගෞතම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී
පාද ස්පර්ශයෙන් අතිපාරිශුද්ධ වූ ස්ථානයක ඉදිකර ඇතැයි සැළකේ. මෙම චෛත්‍යය
සාදා නිමවා පූජා කිරීමේදී රහතුන් වහන්සේලා එක්ලක්ෂ අනූදහසක් එම ස්ථානයට
වැඩම කර වූ බව ඉතිහාසයේ සඳහන් වේ. මෙම චෛත්‍යය ඉදි වූ ක්‍රිස්තු පූර්ව 161 -
137 කාලයේදී ලංකාවේ අගනුවර ලෙස පැවතියේද අනුරාධපුරය යි.
පුරාවෘත්ත
තමන් අනුභව කරන කවර ආහාරයකින් වුවද මුල් කොටස සංඝයා වහන්සේලාට පූජා කරන
සිරිතක් දුටුගැමුණු රජතුමාට තිබූ බවත්, එක් දිනක රජතුමා යම්කිසි ප්‍රමාද
දෝෂයකින් සඟුන් නොපුදා මිරිස් මාළුවක් අනුභව කළ බවත්, සිදු වූ එම දෝෂයට
වන්දි වශයෙන් මෙම චෛත්‍යය ඉදි කළ බවත් මහාවංශයේ සඳහන් වේ. නමුත් තවත් මතයක
සඳහන් වන්නේ දිය කෙළිය සඳහා තිසා වැවට ගිය රජතුමා එක් දිනක එතුමාගේ සර්වඥ
ධාතු සහිත ජය කොන්තය මෙම ස්ථානයේ තබා ගිය බවත්, දිය කෙළි නිමවා නැවත පැමිණ
එම කොන්තය ගැනීමට උත්සාහ කිරීමේදී එය එතැනින් සෙලවීමටවත් නොහැකිව තිබූ
බවත්, පසුව රජතුමා එය වට කොට මෙම චෛත්‍යය ඉදි කරවූ බවත් ය. එහිදී රජතුමා
කොන්තයේ වූ සර්වඥ ධාතූන් වහන්සේලාගෙන් සයවර්ණ බුදුරැස් කොන්තය වටා වැටියක්,
වළල්ලක් ලෙස විහිද යනු දුටු නිසා රැස් වළල්ල යන තේරුම ඇති (රැස් යන තේරුම
සහිත පාළි සහ සංස්කෘත භාෂාවේ එන "මරිචි" යන්න චරිචි -> මරිස -> මිරිස
ලෙසත්, වළල්ල යන තේරුම සහිත සංස්කෘත භාෂාවේ එන "වෘත්ත" යන්න වට්ට ->
ඉවට්ටි -> වැටි ලෙසත් බිඳී අවුත්) "මිරිසවැටිය" යන නම එයට යෙදූ බව එම
මතයෙන් කියවේ.
ප්‍රතිසංස්කරණ
ඉදි කරන ලද දින සිට මෙරට රජකම් කළ රජුවරුන්ගේ වන්දනා මානවලට පාත්‍ර වූ
මිරිසවැටිය චෛත්‍යයට අටවන, නමවන සහ දහවන ශතවර්ෂවල ලංකාවට පැමිණි ඉන්දියානු
ආක්‍රමණිකයන්ගෙන් හානි සිදු විය. මෙම චෛත්‍යය කිහිප වරක්ම කඩා බිඳ දමන ලදි.
ක්‍රිස්තු වර්ෂ 114 - 136 අතර කාලයේ රජ කළ පළමුවන ගජබා රජු මෙම ථූපයට
ආරක්ෂිත ආවරණයක් ඉදි කර ඇති අතර ක්‍රිස්තු වර්ෂ 209 - 231 කාලයේ රජ කළ
වෝහාරිකතිස්ස රජු එහි ඡත්රය ප්‍රතිසංස්කරණය කළේ ය. පසුව ක්‍රිස්තු වර්ෂ
914 - 923 අතර කාලයේ රජ කළ පස්වන කාශ්‍යප රජු මෙහි සියළුම ගොඩනැගිලි
ප්‍රතිසංස්කරණය කළ අතර පොළොන්නරුවේ රජ කළ දෙවන පරාක්‍රමබාහු රජතුමා මෙය අඩි
දෙසිය හයක් දක්වා උස් කොට ආරාම විහාර ආදිය ද පූජා කර ඇත. පසුව 1888 වර්ෂයේ
දී ගරා වැටී ඇති මෙම චෛත්‍යය වර්තමානයේ දී රජය විසින් ප්‍රතිසංස්කරණය කොට
බැතිමතුන්ට වන්දනා මාන කළ හැකි පරිදි සංරක්ෂණය කොට ඇත. මෙම ස්ථානයට අයත්
ගොඩනැගිලි අතර දුටුගැමුණු රජතුමා විසින් තනවන ලද උපෝසථාගාරයක් ද, දෙවන
කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 650 - 659) විසින් තනවන ලද විශාල මන්දිරයක් ද,
හතරවන කාශ්‍යප රජු (ක්‍රිස්තු වර්ෂ 898 - 914) විසින් තනවන ලද බුදු
රජාණන්වහන්සේගේ කේශ ධාතුව තැන්පත් කිරීම සඳහා වූ "චන්දන ප්‍රාසාද" නම් වූ
ගොඩනැගිල්ලක් ද වේ.
වන්දනා ගාථාව
අභය රාජ සධාතුක කුත්තවරං - සුනිඡායකතං බහුමාණිකං සකලහිතං පණමේසදා - මරිච්වට්ටික චෙතිය මුත්තමං
තේරුම
දුටුගැමුණු රජතුමා විසින් සර්වඥධාතු සහිත වූ උතුම් ජය කොන්තය නිධාන කොට කරවන ලද මිරිසවැටිය චෛත්‍යය නමදිමි.
-
-
-
-
ක්‍රි.පු 800 කාලයට අයත් මිරිසවැටිය ස්ථුපයේ යැයි සැලකෙන සැලැස්මක්.
-
මිරිසවැටිය ස්ථුපය සෑදවු දුටුගැමුණු රජතුමාගේ පිලිරුවක්
-
ප්‍රති සංස්කරණයන්ට පෙර මිරිසවැටිය ස්ථුපය
-
1980 ප්‍රති සංස්කරණයට පසු මිරිසවැටිය ස්ථුපය
-
1990 ප්‍රති සංස්කරණයට පසු මිරිසවැටිය ස්ථුපය
-
වර්තමාන මිරිසවැටිය ස්ථුපය රාත්‍රියට දිස්වන අයුරු
ලංකාරාම දාගැබ.
ලංකාරාමය යනු
ශ්‍රී
ලංකාවේ අනුරාධපුර පැරණි රාජධානිය තුල, වළගම්භා රජු විසින් ඉදිකරවන ලද ස්ථූපයක් සහිත පූජා භූමියකි.
වර්ථමානයේ ලංකාරාම ස්තූපය ලෙස හඳුන්වන්නේ, වළගම්භා රජු විසින් කරවූ
සිලාසොබ්භකණ්ඩක චේතිය වෙයි. මෙම ස්තූපයෙහි මුල් ස්වරූපය පිළිබඳ පැහැදිලි
විස්තරයක් නොමැති අතර, වර්ථමානයේ දැක ගැනීමට තිබෙන්නේ පසු කාලීනව
ප්‍රතිසංස්කරණයන්ට ලක්වූ ස්තූපයයි.
ස්තූපය ඉදිකොට තිබෙන්නේ පිහිටි පොළවට වඩා අඩි 10 ක් පමණ උස්ව තනන ලද
වෘත්තාකාර වේදිකාවක් මතයි. අතීතයේදී ස්තූපය වට කරමින් නිර්මාණය කර තිබූ
ථූපඝරයේ කුළුණු, වර්ථමානයේ පවා ඒ මත දැකගත හැකිවේ. ස්තූපය වටා බුදු පිළිම
තැම්පත් කර තිබූ බවටද සාධක පවතී.
ස්තූපයෙහි සමස්ථ
විෂ්කම්භය අඩි 45 ක් (මීටර 14) පමණ වන අතර, ස්තූපය තනා
තිබෙන උස් වෘත්තාකාර වේදිකාවෙහි (ඇතුල් මළුව) විශ්කම්භය අඩි 132 ක් පමණ
වෙයි. ඇතුල් මළුවට පිවිසීම සඳහා දොරටු හතරක් පවතී. මුල් යුගයේදී ස්තූපය
සතුව පහත මළුවක්ද පැවැති බව කියැවෙයි.
අභයගිරි විහාරය.
අභයගිරි විහාරය ක්‍රි.පු පළමු සියවසේදී
ලක්දිව වළගම්බා රජු
විසින් කරවු විහාරයකි. ක්‍රි.ව. එකොළොස් වැනි සියවස දක්වාම හොඳින්
ක්‍රියාත්මකව පැවතුණි. විවිධ උසස් කලා ශිල්ප දක්නට ලැබෙන ඉතා අලංකාර
විහාරයක් ලෙස අභයගිරි විහාරය දැක්විය හැකි අතර
ලංකාවේ ඇති වු දෙවැනි බෞද්ධ නිකාය වේ.
මෙය පැරණි
ඉන්දියාවේ පැවති නාලන්දා, ජගද්දලා, වික්‍රමශිලා වැනි බෞද්ධ ආරම්භක විශ්ව විද්‍යාල ගණයට ඇතුල් කළ හැකිය.
ගුණවර්මන් නැමති කාශ්මීර රජතුමාද,
පාහියන්
වැනි චීන ජාතික භික්ෂුන්ද ඇතුලු විදේශිය පිරිස් ආගමික අධ්‍යාපනය සඳහා මෙහි
පැමිණියහ. මහා විහාරය ථෙරවාදයට පමණක් සිමා වී සිටියදී අභයගිරිය එවකට පැවති
හීනයානා හා විවිධ මහායානා දර්ශනයන් අධ්‍යයනයට හා ඒවා ප්‍රකාශයට ඉඩ ලබා දී
ඇත. සතර මුලයකින් වට වු අභයගිරි විහාරයේ රත්න ප්‍රසාදය දිව්‍ය විමානයක් බඳු
වු බව පස්වන කාශ්‍යපගේ අභයගිරි ශිලා ලිපියේ සඳහන් වේ.
ශ්‍රී ලංකාවේ සුවිශේෂි කලා නිර්මාණ අතර ප්රමුඛස්ථානයක් ගන්නා
මුරගල,
සඳකඩපහණ,
කුට්ටම් පොකුණ,
සමාධි බුදු පිළිමය ආදිය පිහිටා ඇත්තේද අභයගිරියේය.
ආරම්භය
ද්‍රවිඩ ආක්‍රමණ නිසා
වළගම්භා රජු පලා යන විට
අභයගිරිය පිහිටි ස්ථානයේ සිටි ගිරි නම් නිගණ්ඨයා
මහාකළු සිංහලයා පලා යයි
යනුවෙන් අපහාස කළ බවත්, නැවත රාජ්‍ය ලබා ගත් විට රජතුමා නිගණ්ඨ දේවාලය කඩා
දමා අභයගිරිය සාදා තමාට බැරි කාලයේදි උපකාර වු කුපික්කල මහාතිස්ස හිමියන්ට
පුජා කළබවත් තමාගේත් නිගණ්ඨයාගේත් නම් එක් කොට එය අභයගිරි විහාරය යනුවෙන්
නම් කළ බවත් මහා වංශයේ සඳහන් වේ. පුරාණයේ උස් බිම් හා පර්වත ආශ්‍රිතව ඉදි
කළ විහාරගිරි යන්නෙන් අවසන් කර ඇත. මේඝගිරි, චේතියගිරි, මුහුන්දගිරි,
වෙස්සගිරි ආදියේත් ගිරි නිගණ්ඨයන් නොසිටි හෙයින් අභයගිරි යනු අභය රජතුමා
උස් බිමක සෑදු විහාරය නිසා නම් වු බව පෙනේ. පස්වැනි සියවස වන විට මෙහි
භික්ෂුන් 5000 ක් වැඩසිටි බව අභයගිරි විහාරයේ වැඩසිටි චීන ජාතික
පාහියන් හිමියන් සඳහන් කරයි. එසේම හතරවැනි සියවසේදි
කිත්සිරිමෙවන් රජ
දවස මෙරට ගෙන ආ දළදා වහන්සේගේ භාරකරත්වය හිමි වුයේද අභයගිරියේ පැරණිතම
භික්ෂූ කණ්ඩායම වු උත්තර මුලයටයි. අනුරාධපුර යුගයේදි දළදා පෙරහැර පැවතුනේද
ඇතුළු නුවර සිට අභයගිරියටයි.
ලංකාරාමය
මෙහි භික්ෂුණි ආරාමයක් විය. වයඹදිග ප්‍රදේශයේ තපෝවනයක් ද විය. 1017 සොළි
ආක්‍රමණ නිසා අඩපණ වු අභයගිරිය 1215 මාඝගේ ආක්‍රමණය නිසා වල්වැදි ගියේය.
අභයගිරි විහායේ අංග
වන්දනීය ස්ථාන
අභයගිරි දාගැබ
ප්‍රධාන ලිපිය:
අභයගිරි දාගැබ
මෙය අභයගිරි උත්තර මහා චෛත්‍ය නමින්ද හඳුන්වනු ලබයි.වළගම්භා රජතුමා
විසින් මෙම ස්තූපය ඉදිකර ඇත.බුදුන් වහන්සේ සිරිලකට වැඩම කළ පසු සිරිපාදය
තැබු ස්ථානයක ස්තූපය ඉදිකර ඇති බවට විශ්වාසයක් වු බව ක්‍රි.ව.411-113
පාහියන් හිමියෝ පවසති.පසු කාලීන ග්‍රන්තයක් වන සද්ධර්මරත්නාකරයහි සඳහන් වන
පරිදි මෙහි සර්වඥධාතු තැන්පත් කළ වෘෂභයෙකුගේ හැඩයෙන් යුතු කරඬුවක් නිදන්
කර ඇත.
අභයගිරියේ කුඩා දාගැබ්
අභයගිරි භූමියේ තවත් ස්තූප කීපයක් දක්නට ඇත.ජනවහරේ ඉඳිනටු සෑය නමින්
හැඳින්වෙන ප්‍රාසාද ස්තූපය කුඩා ගල්පර්වතයක් මැදි කොට ඉදිකරන ලද්දකි.මෙය
පොළොන්නරුවේ සත්මහල් ප්‍රාසාදය නම් සතූපය හා සමානය.ඇත්පොකුණට බටහිරින්
වේදිකාවක් මත තවත් ස්තූපයක් හමු වී ඇත.ඒ හැර තවත් කුඩා ස්තූප දෙකක නටඹුන්
හමු වී තිබේ.
බෝධි ඝරය සහ සමාධි බුදු පිළිමය
මෙය පිහිටා ඇත්තේද අභයගිරි විහාරයේ පැරණි බෝධිඝරයකයි.ගුප්ත ශෛලියට නිමවා
ඇති මෙහි පාද වීරාසන ඉරියව්වෙන්ද දෑත් සමාධි මුද්‍රාවෙන්ද දක්නට
ඇත.පිළිමයට පිටුපසින් බෝරුක පිහිටි ආවාටය දක්නට ලැබේ.මෙය ක්‍රි.ව.3-4
කාලයට අයත් වේ.පුරාණයේ මෙය වර්‍ණ ගන්වා තිබු බවට සළකුණු තවමත් දක්නට
ඇත.නේත්‍ර කුහර වල වටිනා ගල් අල්ලා තිබුණි.
භික්ෂුන් පරිහරනය කල ස්ථාන
රත්න ප්‍රසාදය
මෙය අභයගිරි විහාරයේ පොහොය ගෙයයි.මෙහි වීදුරු වර්‍ණ ආලේපිත උළු සෙවිලි කර
ඇත.මෙය පස් මහල් ප්‍රාසාදයක් වේ.දැනට දක්නට ලැබෙන නටබුන් ක්‍රි.ව.7-8
සියවසට අයත් යැයි සැළකේ. ලංකාවේ දක්නට ලැබෙන කලාත්මක මුරගල රත්න ප්‍රාසාදය
අසල දක්නට ලැබේ.මෙම මුරගල මුදුනේ මකර තොරණක් ද මකරාගේ මුවින් පිටවන
ස්ත්‍රි පුරුෂ යුවලක් ද වේ.එයින් ලෞකික සැපය විනාශයට හේතු වන බව එක්
අදහසකි.
ඇත් පොකුණ
භික්ෂුන් වහන්සේලාගේ ජල අවශ්‍යතා සඳහා මෙම පොකුණ ඉදිකර ඇත.දිග පළල දළ
වශයෙන් මීටර් 160*35 කි.ක්‍රි.ව.3-4 සියවස් වලට අයත් වේ.වර්තමානයේ ඇත්පොකුණ
නමින් හැඳින් වුවත් බෝධිවංස ගැටපදය අනුව එය හැඳින් වු පැරණි නාමය මාස්පොත
පොකුණ විය.ඉහළින් ඇති පෙරමියන් කුලම වැවෙන් හෝ බුන්කුලම වැවෙන් ජලය ගෙන ආ
උමං ජලමාර්ග දෙකක් උතුරු පැත්තෙන් ඇත.දකුණු පැත්තෙන්ද මෙයට ජලය ගෙන ආ උමං
මාර්ග දක්නට ඇත.
කුට්ටම් පොකුණ
යුගලයක් වශයෙන් පොකුණු දෙකක් ඇති හෙයින් කුට්ටම් පොකුණ නම් වේ.අභයගිරි
විහාරයේ වු මුල හතරින් කපාරාමුලයේ භින්ෂුන්ගේ ජල පහසුව සඳහා කරවන
ලද්දකි.පොකුණු දෙකෙහි දිග පළල දළ වශයෙන් මීටර් 40*16 සහ 28*17 වේ.පළමුවන
අග්බෝ රජුගේ කළ නිර්මාණයක් ලෙස සැලකේ.පොකුණට එන ජලය කීපවරක් පෙරි එන සේ
ගලින් නිම වු බිසෝ කොටුවක් දැකිය හැකිය.ජලය අපවිත්‍ර වු විට පිට කිරිමට
කුහරයක් ද දැකිය හැකිය.=== ====සුදස්සන පඨානඝරය==== පාංශුකූලික භික්ෂුන්
වැඩ හිඳි පඨානඝරය රත්නප්‍රාසාදය පසු කර යන විට වයඹ දෙසින් හමුවේ. මෙය
වලගම්බා යුගයට පෙර සිට පැවති බවට සාක්ෂි හමු වි තිබේ.
සුවිශේෂී කලා නිරිමාණ
අභයගිරි සඳකඩපහණ
අනුරාධපුරයේ සුප්‍රසිද්ධ සඳකඩපහණ පිහිටා ඇත්තේ අභයගිරි
විහාරයේය.මහාචාර්ය පරණවිතාන මහතා සඳකඩපහණේ කැටයම් විස්තර කිරිම සඳහා තෝරා
ගත්තේ මේ සඳකඩපහණයි.මීට නුදුරින් රත්නප්‍රාසාදයට පිටු පසින් එවැනිම කලාත්මක
සඳකඩපහණක් ඇත.පරණවිතාන මහතාගේ අදහසට අනුව සඳකඩපහණේ කැටයමෙන් දැක්වෙන්නේ
සංසාර චක්රයයි.
- පලාපෙති මොස්තරය-ලෝකය ගිනිගත් බව දැක්වෙන ගිනි දැල්ය.
- සිව්පාවන්-ජාති,ජරා,ව්‍යාධි,මරණ
- හංසයින්-සංසාරයෙන් මිදිමට තැත් කරන ජනතාව
මේ පිළිවෙළට කැටයම් නොමැති සඳකඩපහණක්ද ඇත.
අභයගිරි අවලෝකිතේශ්වර බොධිසතත්‍ව පිළිමය
පිංතූර ගැලරිය
-
අභයගිරි විශ්ව විද්‍යාලයේ සිතියම
-
අභයගිරි විශ්ව විද්‍යාලයට පිවිසෙන දොරටුව
-
අභයගිරි විශ්ව විද්‍යාලයට පිවිසෙන තවත් දොරටුවක්.
-
-
-
-
-
-
-
-
අභයගිරි විහාරයේ දක්නට ලැබෙන පොකුණකි
-
අභයගිරි ස්තූපය ඉදිරිපස දක්නට ලැබෙන බුදු පිළිමයකි.
ජේතවනාරාමය, අනුරාධපුර.
ප්‍රතිසංස්කරණය නිම වූ ජේතවනාරාමයේ දාගැබ
ජේතවනාරාමය, ශ්‍රී ලංකාවේ
අනුරාධපුර පුරාණ නගරයේ පිහිටා තිබූ විහාර සංකීර්ණයකි
ප්‍රධාන ලිපිය:
ජේතවනාරාම දාගැබ
ජේතවනාරාමයේ දාගැබකි. අඩි 400 ක් (මීටර් 120) උසින් යුතු එය ලෝකයේ උසම
ස්ථූපයයි. එමෙන්ම මේ දක්වා ගඩොලින් පමණක් නිර්මාණය කරන ලද විශාලතම
ගොඩනැගිල්ල වේ. ශ්‍රී ලංකාවේ විශාලතම ස්ථූපය ඉදි කරවූවේ මහායාන බෞද්ධ
මහසෙන් (273 - 301) රජුයි.
බුදුන් වහන්සේ පැළඳි පටී ධාතුවේ කොටසක් එහි නිධන් කර ඇතැයි විශ්වාස කෙරේ. එබැවින් මෙය පාරිභෝගික චෛත්‍යයක් වේ.
පුරාණ ලෝකයේ 'ගීසා' හි පිහිටි මහා පිරමීඩ දෙක හැරුණු විට 3 වැනි විශාලතම
ඉදි කිරීමයි. දළ වශයෙන් එය ඉදි කිරීමට පිළිස්සූ ගඩොල් 93,300,000 ක්
යොදන්නට ඇත. (රත්නායක 1993) මෙම ථූපය සාගලික නිකායට අයත් විය. ඒ වටා
පරිශ්‍රය අක්කර 8 ක් පමණ (හෙක්. 5.6) විශාලය. 3000 ට වඩා බෞද්ධ භික්ෂූන්ට
වැඩ සිටීමට පහසුකම් තිබුනේය. ථූපයේ එක පැත්තක දිග අඩි 576 කි. හතර පැත්තෙන්
ඇතුළුවීම සඳහා තිබෙන පිය ගැට පෙළ අඩි 28 ක් පමණ පළලින් යුතුය. අංගනයෙහි
පිහිටුවා තිබෙන පූජාසනයෙහි උළුවහු කණුවක උස අඩි 27 කි. ස්ථූපයේ අඩිතාලම
මීටර් 6 ක් ගැඹුරට විහිදෙන අතර එය පිහිටි ගල මත ඉදි වූයේය. ගොඩනැගිලි
කර්මාන්තයට උර දුන් මහජනතාවගේ නම් ශෛලමය පුවරුවක සටහන් කර ඇත.
ජේතවනාරාමය - අනුරාධපුර ශ්‍රී ලංකාව
ජේතවනාරාම පිළිමගේ