සභාපතිතුමාගේ පණිවිඩය
මිනිසා ඇතුළු සියලු ලෝක සත්වයන්ගේ මුලික අවශ්‍යතාවලින් ප්‍රධාන තැනක්
ආහාර සඳහා වෙන් වේ. වැඩිවන ලෝක ජනගහණයට සරිලන පරිදි ආහාර අවශ්‍යතාවය
සම්පුර්ණ කර ගැනීම සඳහා ඒ ඒ රටවල් දැඩි පරිශ්‍රමයක් දරනු ලබයි. මේ සඳහා වගා
කරනු ලබන භෝගයන්හි අස්වනු ප්‍රමාණය වැඩිකර ගැනීමට විවිධ උපක්‍රම අනුගමනය
කළ ද විටින් විට වෙනස් වන දේශගුණික හා කාලගුණික විපර්යාසයත් හේතුවෙන්
අස්වැන්නේ බලාපොරොත්තු වන ඉලක්ක සම්පුර්ණ නොවේ. වගාව සඳහා වන පිරිවැයද
දිනෙන් දින ඉහළ යෑමෙන් ආහාර නිෂ්පාදනය කිරිමේ ක්‍රියාවලිය තුළින් බැහැර වන
පුද්ගලයන්ගේ ප්‍රමාණයද දැන් වැඩිවි ඇත. මේ ත්ත්වය හමුවේ අවශ්‍ය ඉල්ලුමේ
ප්‍රමාණයට නිෂ්පාදනය වැඩි නොවිම නිසා අද ලෝක ආහාර ඈබුදයක් නිර්මාණය වී ඇත.
ලොව ප්‍රබල රාජ්‍යයන්ද මෙම අර්බුදයට මුහුණ දීමට සැලසුම් සහගතව හා දැඩි
කැපවීමේන් යුතුව විවිධ උපක්‍රම අනුගමනය කරයි. මෙම තත්වය හමුවේ ආහාර සඳහා
වෙනත් විකල්පයන් තවම නොමැති බැවින් ලොව සෑම රටකටම මෙම අර්බුදය කළමනාකරණය
කිරිම ලෙහෙසි පහසු කාර්යයක් නොවනු ඇත.
ශ්‍රී ලංකාව මේ සඳහා සුදානම් කිරිම
වෙනුවෙන් පසුගිය කාල පරිච්ජේදය තුළ අතිගරු ජනාධිපති මෛත්රපාල සිරිසේන
මැතිතුමාගේ "අපි වවමු - රට නගමු" වැඩපිළිවෙල තුළ දේශීය ආහාර නිෂ්පාදන
ක්‍රියාවලිය ඉහළ නැංවීම සඳහා දූරදර්ශී වැඩපිළිවෙලෙහි මහඟු ප්‍රතිඵල හේතු
කොටගෙන ලෝක ආහාර අර්බුදය හමුවේ රටක් වශයෙන් ශක්තිමත්ව සිටිමට අපට හැකි විය.
"අපි වවමු - රට නගමු" සංකල්පය තුළින් රටේ සෑම වගා කළ හැකි බිම් අඟලක්ම වගා
කිරිමට යොමු කොට වගාවට අත්‍යවශ්‍ය එහෙත් ගොවියාට, විශාල බරක් වූ පොහොර
සහනාධාර මිලට ලබාදීමේ වගකිම රජය විසින් ගනු ලැබීය. වගා කන්න 13 ක් සඳහා
පොහොර සහනාධාරය ලබාදීමට හැකිවීම සුළු කොට තැකිය හැකි කාර්යයක් නොවේ.
රජය ගොවිජනතාව වෙත ලබාදෙන සහනාධාර පොහොර
නිසි පරිදි කලට වේලාවට බෙදාහැරීමේ ප්‍රධාන ජාතික වගකීම දරනු ලබනුයේ
සීමාසහිත ලංකා පොහොර සමාගමයි. පසුගිය කාලය තුළ අප සමාගමේ කාර්ය මණ්ඩයල
"ලක්පොහොර පවුල" එකම කණ්ඩායමක් ලෙස කටයුතු කරමින් එම අදාළ ඉලක්ක ගොවිජනතාව
වෙනුවෙන් සපුරාලීමට සමත් විය. මෙම ජනතා සේවාව ඉතා ඉහළ මට්ටමින් අඛණ්ඩව
සිදුකරමින් ආයතනයේ ඉලක්කද සපුරා ගැනීමට හැකි වූ බව සඳහන් කරනුයේ ඉමහත්
සතුටිනි.
2010-2011 ගිණුම් වර්ෂය තුළ අප සමාගම
රුපියල් මිලියන 73 ක බදු පෙර ලාභයක් ලබමින් ආයතන ඉතිහාසය තුළ වාර්තාගත
වැඩිම ලාභය, මෙන්ම මිලියන 42 ක් රජයේ බදු වශයෙන්ද, මිලියන 09 ක් ලාභාංශ
වශයෙන් මහා භාණ්ඩාගාරය වෙත ගෙවීම් කරමින් සුවිශේෂී වර්තාවක් තබා ඇත.
සහනාධාර පොහොර බෙදාහැරීමේ කටයුත්තට
සමගාමීව පසුගිය වකවානුව තුළ රජය විසින් ක්‍රියාත්මක කළ ගෘහ ආර්ථිකය නඟාලීම
සඳහා වූ දීපව්‍යප්ත වැඩසටහන සඳහා අප ආයතනයේ පූර්ණ දායකත්වය ලබා දන ලදී.
ජාතික මට්ටමින් පවත්වනු ලබන විවිධ වු ක්‍රියාකාරකම් සඳහා ආයතනික
අනිග්රහකත්වය නොපැකිලව අවශ්‍යතාවයන් අනුව ලබාදීමට අපට හැකිවිය.
රෝෂණ වඩුගේ
සභාපති
වාර්ෂික වාර්ථාව
|
|
වාර්ෂික වාර්ථාව 2011 |
වාර්ෂික වාර්ථාව 2010 |
|
|
වාර්ෂික වාර්තාව 2012 |
වාර්ෂික වාර්තාව 2013 බාගැනිම [PDF-50MB] |
|
|
වාර්ෂික වාර්තාව 2014 බාගැනිම.[PDF-5.81MB] |
|
අවසන් යාවත්කාලීනය 2014 සැප්තැම්බර් 29 වෙනි සදුදා, 07:47
What's New
JA Content Slide Error: There is not any content in this category
අංශ
මෙහෙයුම් කටයුතු
|
|
සීමාසහිත ලංකා පොහොර සමාගම ලක්පොහොර ස්වර්ණජයන්ති මාවත, හුනුපිටිය, වත්තල, ශ්‍රී ලංකාව. දුරකථන : +94 11 2930298 / 2930299 / 2944000 ෆැක්ස් : +94 11 2948831 ඉ-තැපෑල : info[at]lakpohora.lk
පොලොන්නරුව ගබඩා සංකීර්ණය පොලොන්නරුව දුරකථන : +94 27 2222177 ෆැක්ස් : +94 27 2224672
|
අවසන් යාවත්කාලීනය 2014 ජූලි 01 වෙනි අඟහරුවාදා, 07:43
නිෂ්පාදන
ලක්පොහොර වෙළඳ නාමය යටතේ අලෙවි කෙරෙන ප්‍රධාන රසායනික පොහොර වර්ග
(රජයේ පර්යේෂණ ආයතනවලින් නිර්දිෂ්ට වර්ග)
තනි රසායනික පොහොර වර්ග
පොහොර මිශ්‍රණ
කුඩා පැකට්ටු (ග්රෑ 500) - සංස්ථාවේ විශේෂ පලතුරු. එළවළු සහ මල් පොහොර මිශ්‍රණ
මිල දර්ශනය
අනෙකුත් බෝග සඳහා සහන මිල